අත්කම් නිර්මාණ පළවෙනි පෝස්ටුවෙන් මම ඔයාලට කියාදෙන්න හදන්නේ සේලයින් බට වලින් ලස්සන බූවල්ලෙක් හදන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේකක් හැදුවෙ 9 වසරෙදි. hostel එකේ හිටිය උදාර දර්ශන කියන යාලුවා ලඟ තිබුණ key tag බූවල්ලෙක් බලාගෙන තමයි හැදුවේ. ඊට පස්සේ hostel එකේ පොඩියට key tag බිස්නස් එකකුත් කරන්න මට පුළුවන් උනා :) :) ඔන්න ඔහොමයි අතීතේ....
ඉතින් මම දන්න දේ තව කෙනෙක්ටත් ඉගෙනගන්න පුළුවන් වෙන්නත් එක්ක ඒක හදන හැටි ගැන දාල මේ post එක ලියන්න හිතුනා. තව සේලයින් බට වලින්ම ලස්සන මාළුවෙක් හා ලස්සන heart එකක් හදන හැටිත් ඉදිරි post වලින් කියාදෙන්න බලාපොරොත්තු වෙනවා.
මුලින්ම කියන්න ඕන මේ වගේ දෙයක් හදද්දී ඉවසීම කියන එකනම් ඕනෑවටත් වැඩියෙන් තියෙන්න ඕන. බූවල්ලා හදන එක මාළුවයි, heart එකයි හදනවට වඩා නම් ගොඩක් ලේසියි.
මුලින්ම මේක හදන්න ඕන කරන දේවල් මොනවද කියලා බලමු.
- සේලයින් බටයක්
- ටීක් බෝලයක්
- paper cutter එකක්
- හිස් පෑන් බටයක් හෝ දෙකක්
සේලයින් බට ගැන කියද්දී අපිට මේකට හොස්පිටල් එකකින් පාවිච්චි කරලා අයින් කරන සේලයින් බට ගන්න පුළුවන්. හොස්පිටල් එකකට ගිහින් අයින් කරන සේලයින් බට ඉල්ලුවොත් එයාල නොදී ඉන්නේ නෑ. කොහොම නමුත් පාවිච්චි කරලා අයින් කරන සේලයින් බට ගන්නවනම් ඒවායේ විසබීජ තියෙන්න පුළුවන් නිසා හොඳට සබන් දාල හෝදලා ගන්න. එහෙම නැත්නම් ෆාමසි එකකින් සල්ලි වලටත් ගන්න පුළුවන්. මම දන්නා තරමින් නම් ෆාමසි එකක රු.50ක් වගේ තමයි වෙන්නේ. මොකද මම නම් කඩෙන් අරන් නැති නිසා ගාන නම් හරියටම දන්නේ නෑ. පහල රූපේ තියෙන්නේ හොස්පිටල් එකකින් පාවිච්චි කරලා අයින් කරපු සේලයින් බටයක්.
ටීක් බෝලය නම් පොඩිම නැති, අපිට වැඩිපුරම දකින්න ලැබෙන සාමාන්‍ය ප්‍රමාණයේ එකක් උනොත් හොදයි.
අනිවාර්යෙන්ම පෑන් බටය නම් තීන්ත සම්පුර්නයෙන්ම් ඉවර උන, බුරුල් නැතිව සේලයින් බටය ඇතුලට යවන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.
හරි, ඔන්න අවශ්‍ය දේවල් ගැන විස්තර දැනගත්තා. දැන් අපි බූවල්ලා හදන්න පටන් ගනිමු.
මුලින්ම සේලයින් බටයේ එක් කෙළවරක තියෙන අනවශ්‍ය කොටස් වන filter එකයි, අනෙක් කෙළවරේ තියෙන රබර් කෑල්ලයි, බටය මැද්දට දාල තියෙන සේලයින් controller එකයි ඉවත් කරන්න. ඊට පස්සේ අපි කැමති පාටකින් සේලයින් බටය ඩයි කරගන්න ඕනේ. මේකට අපි සේලයින් බටය ඩයි වතුර එකකට දාල තම්බගන්න ඕනේ. එකට හිස් බෙලෙක් ටින් එකක් (crisco ටින් එකක්) අරගෙන ඒකට සේලයින් බටය රවුම් කර ඔතලා දාල, සේලයින් බටය වැහෙනවටත් වඩා උඩට වතුර පුරවා ගන්න (සේලයින් බටය තැම්බෙන්න ප්‍රමාණවත් තරම්). ඒකටම අපිට අවශ්‍ය පාටින් ඩයි ටිකකුත් දාල විනාඩි 10 ක් විතර හොඳට තම්බගන්න. මෙහෙම තම්බද්දී ඩයි එක බටයට උරාගෙන අපිට අවශ්‍ය පාටින් පාට වෙනවා. අවශ්‍ය ගානට තම්බගත්තට පස්සේ බටය ඇල් වතුරින් හෝදගන්න.
අපිට ඩයි විදියට හොඳට කහට තියෙන ඩයි වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා කුකුල් සායම් යොදාගන්න පුළුවන්. එත් දැන් සමහර කඩවල් වල තියෙන්නේ නියම කුකුල් සායම් වෙනුවට පාට කුඩු වගයක්. ඒ බාල කුකුල් සායම් දාල තැම්බුවට නම් පාට වෙන එකක් නෑ. අපිට ලේසියෙන්ම ඩයි කරගන්න පුළුවන් පාට තමයි කහ පාට සහ දම් පාට. කුස්සියේ උයන්න ගන්න කහ කුඩු වලින් කහ පාටට ඩයි කරගන්න පුළුවන්. ඒකට කහ කුඩු තේ හැන්දක් විතර තම්බන්න ගන්න වතුර එකට දාන්න. ඒකටම බීට් රූට් ගෙඩියක කොටසක් (කපා ඉවත් කරන උඩ කොටසක්) දාල රත්තරන් පාටට හුරු තැඹිලි පාටක් හදා ගන්න පුළුවන්. දම් පාටින් ඩයි කරගන්න නම් තුවාල වලට දාන කොන්ඩිස් මේස හැන්දක් විතර දාන්න.
පහල රූපයේ තියෙන්නේ මම කහ පාටින් ඩයි කරගත්ත සේලයින් බටය හා අපිට ඕනකරන අනෙක් දේවල් ටික.
පළමුවෙන්ම බූවල්ලාගේ උඩ කොටස ගොතා ගන්න ඕනේ. ගොතන්න පටන් ගන්න හැටි ඉතා වැදගත්. මුලින්ම සේලයින් බටය හරි මැදින් කෑලි දෙකකට කපා ගන්න. ඊට පස්සේ කපාගත්ත කෑලි දෙකේ හරි මැද අරගෙන ඒ මැද position දෙක රූපයේ ආකාරයට එක උඩ එක තියාගෙන හොඳින් අල්ලාගන්න.
රූපයේ ආකාරයට යටින් තිබෙන බටයේ එක් කොටසක් උඩට නවාගන්න.
ඉන් පසු කලින් නවාගත් බටයට යටින් ඇති අනෙක් බටයේ කොටස කලින් නවාගත් බටයට උඩින් රූපයේ ආකාරයට නවන්න.
ඉන් පසු අවසාන වශයෙන් නවාගත් බටයට යටින් ඇති අනෙක් බටයේ කොටස, නවාගත් බටයට උඩින් රූපයේ ආකාරයට නවාගන්න.
ඉන් පසු එම නවාගත් බටයට යටින් ඇති අනෙක් බටයේ කොටස, නවාගත් බටයට උඩින් නවාගෙන, පළමුවෙන්ම නවගත් බටය අස්සෙන් රූපයේ ආකාරයට යවන්න.
ඉන් පසු එම බට අදාල දිශාවන් වලට ඇද හොඳින් තද කර රූපයේ ආකාරයට කොටුවක් හැදෙන විදියට හදාගන්න. මතක ඇතුව හොදින් ඇදලා තද කරගන්න ඕන. ඒ වගේම තද කරද්දී හැඩේ වෙනස් වෙන්නත් බෑ.
උඩින් තියෙන රූපයේ තියෙන විදියට හදාගන්න බැරි උනොත් නැවත ගලවලා, ආයෙත් try කරලා රූපයේ විදියට හදාගන්න.
ඔන්න මුලික පියවර ගොතාගත්තා. මේ ක්‍රමය තමයි අපි ඉතිරි කොටස ගොතන්නත් භාවිතා කරන්නේ.
ආයෙත් පහල රූපයේ තියෙන විදියට එක බටයක් අවසාන බටය රිංගවිය හැකි ලෙස ඉඩක් තබාගෙන උඩට නවාගෙන කලින් කල විදියටම නවාගත් බටයට යටින් තියෙන බටය, නවාගත් බටයට උඩින් නවමින් ගෙතීම සම්පුර්ණ කරගන්න.
මේ විදියට තට්ටු 6 ක් විතර ගොතාගන්න.
තට්ටු 6 ක් විතර ගොතා ගත්තට පස්සේ ටීක් බෝලය සවි කරගන්න ඕන. රූපයේ විදියට ටීක් බෝලය පනින්නේ නැතිවෙන්න අල්ලාගෙන නැවතත් කලින් කල ආකාරයටම ගෙතීම තවත් තට්ටු 5 විතර කරගෙන යන්න.
අනිවාර්යෙන්ම පෑන් බටය නම් තීන්ත සම්පුර්නයෙන්ම් ඉවර උන, බුරුල් නැතිව සේලයින් බටය ඇතුලට යවන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.
හරි, ඔන්න අවශ්‍ය දේවල් ගැන විස්තර දැනගත්තා. දැන් අපි බූවල්ලා හදන්න පටන් ගනිමු.
මුලින්ම සේලයින් බටයේ එක් කෙළවරක තියෙන අනවශ්‍ය කොටස් වන filter එකයි, අනෙක් කෙළවරේ තියෙන රබර් කෑල්ලයි, බටය මැද්දට දාල තියෙන සේලයින් controller එකයි ඉවත් කරන්න. ඊට පස්සේ අපි කැමති පාටකින් සේලයින් බටය ඩයි කරගන්න ඕනේ. මේකට අපි සේලයින් බටය ඩයි වතුර එකකට දාල තම්බගන්න ඕනේ. එකට හිස් බෙලෙක් ටින් එකක් (crisco ටින් එකක්) අරගෙන ඒකට සේලයින් බටය රවුම් කර ඔතලා දාල, සේලයින් බටය වැහෙනවටත් වඩා උඩට වතුර පුරවා ගන්න (සේලයින් බටය තැම්බෙන්න ප්‍රමාණවත් තරම්). ඒකටම අපිට අවශ්‍ය පාටින් ඩයි ටිකකුත් දාල විනාඩි 10 ක් විතර හොඳට තම්බගන්න. මෙහෙම තම්බද්දී ඩයි එක බටයට උරාගෙන අපිට අවශ්‍ය පාටින් පාට වෙනවා. අවශ්‍ය ගානට තම්බගත්තට පස්සේ බටය ඇල් වතුරින් හෝදගන්න.
අපිට ඩයි විදියට හොඳට කහට තියෙන ඩයි වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා කුකුල් සායම් යොදාගන්න පුළුවන්. එත් දැන් සමහර කඩවල් වල තියෙන්නේ නියම කුකුල් සායම් වෙනුවට පාට කුඩු වගයක්. ඒ බාල කුකුල් සායම් දාල තැම්බුවට නම් පාට වෙන එකක් නෑ. අපිට ලේසියෙන්ම ඩයි කරගන්න පුළුවන් පාට තමයි කහ පාට සහ දම් පාට. කුස්සියේ උයන්න ගන්න කහ කුඩු වලින් කහ පාටට ඩයි කරගන්න පුළුවන්. ඒකට කහ කුඩු තේ හැන්දක් විතර තම්බන්න ගන්න වතුර එකට දාන්න. ඒකටම බීට් රූට් ගෙඩියක කොටසක් (කපා ඉවත් කරන උඩ කොටසක්) දාල රත්තරන් පාටට හුරු තැඹිලි පාටක් හදා ගන්න පුළුවන්. දම් පාටින් ඩයි කරගන්න නම් තුවාල වලට දාන කොන්ඩිස් මේස හැන්දක් විතර දාන්න.
පහල රූපයේ තියෙන්නේ මම කහ පාටින් ඩයි කරගත්ත සේලයින් බටය හා අපිට ඕනකරන අනෙක් දේවල් ටික.
පළමුවෙන්ම බූවල්ලාගේ උඩ කොටස ගොතා ගන්න ඕනේ. ගොතන්න පටන් ගන්න හැටි ඉතා වැදගත්. මුලින්ම සේලයින් බටය හරි මැදින් කෑලි දෙකකට කපා ගන්න. ඊට පස්සේ කපාගත්ත කෑලි දෙකේ හරි මැද අරගෙන ඒ මැද position දෙක රූපයේ ආකාරයට එක උඩ එක තියාගෙන හොඳින් අල්ලාගන්න.
රූපයේ ආකාරයට යටින් තිබෙන බටයේ එක් කොටසක් උඩට නවාගන්න.
ඉන් පසු කලින් නවාගත් බටයට යටින් ඇති අනෙක් බටයේ කොටස කලින් නවාගත් බටයට උඩින් රූපයේ ආකාරයට නවන්න.
ඉන් පසු අවසාන වශයෙන් නවාගත් බටයට යටින් ඇති අනෙක් බටයේ කොටස, නවාගත් බටයට උඩින් රූපයේ ආකාරයට නවාගන්න.
ඉන් පසු එම නවාගත් බටයට යටින් ඇති අනෙක් බටයේ කොටස, නවාගත් බටයට උඩින් නවාගෙන, පළමුවෙන්ම නවගත් බටය අස්සෙන් රූපයේ ආකාරයට යවන්න.
ඉන් පසු එම බට අදාල දිශාවන් වලට ඇද හොඳින් තද කර රූපයේ ආකාරයට කොටුවක් හැදෙන විදියට හදාගන්න. මතක ඇතුව හොදින් ඇදලා තද කරගන්න ඕන. ඒ වගේම තද කරද්දී හැඩේ වෙනස් වෙන්නත් බෑ.
ඔන්න මුලික පියවර ගොතාගත්තා. මේ ක්‍රමය තමයි අපි ඉතිරි කොටස ගොතන්නත් භාවිතා කරන්නේ.
ආයෙත් පහල රූපයේ තියෙන විදියට එක බටයක් අවසාන බටය රිංගවිය හැකි ලෙස ඉඩක් තබාගෙන උඩට නවාගෙන කලින් කල විදියටම නවාගත් බටයට යටින් තියෙන බටය, නවාගත් බටයට උඩින් නවමින් ගෙතීම සම්පුර්ණ කරගන්න.
ඔන්න අපි උඩ කොටස ගොතාගෙන ඉවරයි. පහල රූපයේ තියෙන්නේ ගොතල ඉවර උන එක.
හරි, දැන් තියෙන්නේ රැලි කපාගන්න එක. මේක ටිකක් සියුම් වැඩක්. වැඩේ වැරදුනොත් සම්පුර්ණ රැල්ලක්ම කැපිල ඉවත් වෙන්න පුළුවන්. වැඩේ වරදී කියලා බය නම් කෝකටත් එක්ක වෙනත් සේලයින් බටයකින් හරි බීම බටයකින් හරි කපල පුරුදු වෙන්න.
මුලින්ම පෑන් බටය එක බටයක් ඇතුළට පහළ රූපවල ආකාරයට ඇතුල් කරන්න.
ඉන්පසු රැලි කපාගන්න පටන්ගන්න ඕන. මුලින්ම 6 mm විතර පළලට පහත රූපයේ ආකාරයට රවුමට, ඇලව ස්පයිරල් (spiral) එකක් ආකාරයට paper cutter එක භාවිතයෙන් කපාගන්න.
ඊළඟට ඒ විදියට කපාගත්ත ස්පයිරල් (spiral) එක නැවත ස්පයිරල් (spiral) දෙකකට වෙන්වෙන විදියට පහත රූපයේ ආකාරයට මැදින් නැවත කපාගන්න.
පහත රූපයේ තියෙන්නේ ඒ විදියට කපාගෙන අවසන් උන බටයක්.
ඉන්පසු එම කපාගත්ත බටය පරෙස්සමින්, නොකැඩෙන විදියට පහත රූපයේ ආකාරයට ස්පයිරල් (spiral) දෙකට වෙන් කරගන්න.
ඉහත ආකාරයටම ඉතිරි බට 3 ත් කපාගෙන ස්පයිරල් (spiral) වලට වෙන් කරගන්න.
ඔන්න අපි බුවල්ලාව හදාගෙන අවසානයි. පහල රුපයේ තියෙන්නේ ඒ විදියට හදාගෙන අවසාන වුන බුවල්ලා. කොහොමද වැඩේ ලස්සනයි නේද......
මේක හදන්න උපරිම පැය 1 ½ ක්, 2 ක් වගේ තමයි ගතවෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් තමන්ගේම අතින් හැදුවම ලැබෙන ආත්ම තෘප්තිය මොන වගේද කියල බලන්නත් එක්ක ඔයාලත් මේ වගේ ලස්සන බුවල්ලෙක් හදන්න උත්සහ කරල බලන්න.
එහෙනම් ආයෙත් මේ වගේම නිර්මාණයකින් හමුවන තුරු ඔයාලට සුභම සුභ දවසක් වේවා...!!!!
මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!
0 comments:
Post a Comment