Friday, January 2, 2015

ඉලෙක්ට්‍රොනික් සඟරා - 1

අද පටන් මම ඔයාලට දෙන්න හදන්නේ වටිනා කියන ඉලෙක්ට්‍රොනික් සඟරා පෙලක්. "සෙනිත් " හා "සිප්නැණ" සඟරා ගැන කට්ටිය අහල ඇතිනේ. "සිප්නැණ" සඟරා පෙලින් සෛද්ධාන්තික දැනුමත් "සෙනිත් " සඟරා පෙලින් ප්‍රායෝගික දැනුමත් ලබා දෙනවා. 

දැන් මේ සඟරා book shop වල හොයාගන්න අමාරු උනත් බොරැල්ල Y.M.B.A එකේ තියෙන සෙනිත් එකේ සහ මරදානෙ සමයවර්ධන book shop එකේ සමහර කලාප ගන්න තියෙනවා. දැන් එයාල "සිප්නැණ" සඟරා 6 ක් තනි පොතක් විදියට පොත් 8කුත් "සෙනිත් " සඟරා 5 ගානේ තනි පොතක් බැගින් විදියටත් නැවත මුද්‍රණය කරලා තියෙනවා කියනවා. එක පොතක් රු.250 ක් විතර වෙනවා. ඒත් ඒ පොතුත් වර්ග කිහිපයක් විතරයි කඩවල් දෙකේ තියෙන්නේ. නැති පොත් ගැන ඇහුවම ඒවා ආයෙත් print කරන්න කාලයක් යනවා කියනවා.

ඉතින් මම හිතුවා මේ හොයාගන්න අමාරු සඟරා වල මට හම්බවුණු pdf ටිකක් ඔයාලට දුන්නොත් ඉලෙක්ට්‍රොනික් වලට ආස අයට ඒක ලොකු උදව්වක් වෙයි කියලා.

"සෙනිත් " පළමු සඟරා 5 තියෙන්නේ තනි පොතක් විදියට. පොතේ පිටු 120 ක් තියෙනවා. ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන විදියට මම මේ පොතේ තියෙන සඟරා 5 කොටස් 5කින් දාන්නම්. අදට පලවෙනි කොටස දාන්නම්කෝ. වෙලාව තියෙන විදියට ඉතිරි සඟරා ටිකත් ඉදිරි post වලින් දාන්නම්.

සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන - 1

"සෙනිත් " පළමු සඟරාවෙන් පහතින් තියෙන ඒවා ගැන විස්තර කරලා තියෙනවා.
  • මීයෙක් අල්ලන්න බළලෙක්ම ඕනෙද?
  • F.M./A.M. රිසිවරය.
  • ශ්‍රව්‍ය උපකරණ.
  • පෙර වර්ධකය.
  • බැටරි තත්ත්ව දර්ශකය.
  • මෝටර් රථ සොර සතුරු ආරක්ෂකය.
  • විවිධ නාද සයිරනය.
  • A-B ශ්‍රේණියේ බල වර්ධකය.
  • ක්ෂුද්‍ර තරංග උඳුන්.
  • පර්යේෂණාත්මක ධ්වනි පමා ඒකකය.
  • ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කිරීමේ ඉඟි.
එහෙනම් ඉතින් පහළ තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ. අදට මම යනවා. සුභ දවසක්...!!!

(MediaFire Link, 5 MB)

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!

Share/Bookmark

1 comments:

  1. අනිත් පොත් ටිකත් දෙන්න පුලුවන් ද😕

    ReplyDelete