ඔන්න අද මම ඔයාලා ගොඩක් ආසා වෙන වෙනස්ම විදියේ අයිටම් එකක් හදන හැටි කියාදෙන ඉලෙක්ට්‍රොනික් සඟරාවක් තමයි දෙන්න හදන්නේ. මොකක්ද මේ වෙනස්ම විදියේ අයිටම් එක..? ඒ තමයි දෝලනේක්ෂයක් එහෙමත් නැත්නම් දන්න ඉංගිරිසියෙන්ම කිව්වොත් Oscilloscope එකක්.
සාමාන්‍යයෙන් හැබැයි Oscilloscope එකක් කියන්නේ අපිට ගෙදර පාවිච්චියට අඩු මුදලකට ගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. මොකද ඒක ටිකක් ගාන වැඩි උපකරණයක්. වෙළඳපලේ සාමාන්‍යයෙන් Oscilloscope ජාති 2,3ක්ම තියෙනවා. එයින් එක ජාතියක් තමයි බහුලව පාවිච්චි කරන “කැතෝඩ කිරණ දෝලනේක්ෂය”. මේවා ඉස්කෝල වල හා කැම්පස් වල බහුලව පාවිච්චි කරනවා. අනිත් ජාතිය තමයි කැතෝඩ කිරණ නළ නැති, LCD සහිත Digital Oscilloscope. මෑතකදී ආපු අලුත්ම Oscilloscope ජාතිය තමයි USB Oscilloscope. කොහොම උනත් මේ ජාති 3ම ටිකක් ගාන වැඩියි වගේම ඒ නිසා අපිටම කියලා එකක් ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.
මෙන්න මේ නිසා සෙනිත් විද්‍යා-තාක්ෂණ ප්‍රකාශන විසි හයවන (26) කලාපයේ, රුපියල් තුන් හාරසියකින් ගෙදරම හදාගන්න පුළුවන් LED Oscilloscope එකක් හදන හැටි A-Z කියලා දෙනවා.
සෙනිත් මුල් කලාප බාගන්න ඇති කියා සිතනවා. බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.
සෙනිත් - විද්‍යා තාක්ෂණ ප්‍රකාශන - 26 කලාපය (LED Oscilloscope)
සෙනිත් විද්‍යා-තාක්ෂණ ප්‍රකාශන 26 වන කලාපයෙන් LED Oscilloscope එකක් හදන හැටි A-Z කියලා දෙනවා.
Oscilloscope එකක් එහෙමත් නැත්නම් දෝලනේක්ෂයක් පවිච්ච්යට ගන්න පුළුවන් අවස්ථා ගැන මේ සඟරාවේ මෙන්න මේ විදියට කියලා තියෙනවා.
- සරල සහ ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා සහ ධාරාවන්ගේ අගය මැනීම
- නොදන්නා සංඛ්‍යාතයක අගය මැනීම
- තරංගයන්ගේ හැඩය නිරීක්ෂණය කිරීම
- තරංගයන්ගේ හැඩයන් සංසන්දනය කිරීම
- තරංගයන්හි අන්තර්ගත විකුර්තිතා අධ්‍යනය කිරීම
- මිනුම් උපකරණයන් ක්‍රමාංකනය කිරීම
- චුම්බක ද්‍රව්‍යයන්ගේ මන්දායන වක්‍ර අධ්‍යනය කිරීම
- අනිත්‍ය (Transient) වෝල්ටීයතා පිළිබද අධ්‍යනය කිරීම
- ජවය, ජව සාධකය සහ සම්බාධනය මැනීම
- ඉලෙක්ට්‍රොනික උපක්රමයන්හි ලාක්ෂණික වක්‍ර ලබා ගැනීම
එහෙනම් ඉතින් පහළ තියෙන link එකෙන් PDF එක බාගෙන ඔයාලත් තමන්ටම කියලා LED Oscilloscope එකක් හදාගන්නකෝ. අදට මම යනවා. සුභ දවසක්...!!!
(MediaFire Link, 4 MB)
මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!
0 comments:
Post a Comment