Tuesday, July 12, 2016

Laravel 5.2 සිංහලෙන් - user verification and validate the e-mail verification link - 1

යාළුවනේ, අව්රුද්දකට පස්සේ post එකක් ලියන්න හිතුනා. PHP framework ගැන සිංහලෙන් ලියපු බ්ලොග් එකක් හොයාගන්න අමාරු නිසා  Laravel framework එකේ basics කියලා දෙන්න හදන්නේ.

මුලින්ම බලමු user verification කරන්නේ කොහොමද කියලා.

මුලින්ම composer download කරගෙන install කරගන්න. https://getcomposer.org/download/

ඊට කලින් locally server එකක් ඕන නිසා xampp මේ ලින්ක් එකෙන් භාගත කරගෙන install කරගන්න https://www.apachefriends.org/download.html

command prompt (cmd) එක xampp/htdocs folder එක select කරලා  composer create-project --prefer-dist laravel/laravel blog command එක run කරන්න. blog කියන නමින් laravel 5.2 download වේවි. වැඩි විස්තර සදහා මේ ලින්ක් එක බලන්න. https://laravel.com/docs/5.2/installation

ඊට පස්සේ blog කියන folder එක කැමති නමකට වෙනස් කරගෙන ඒක ඇතුලේ core කියලා folder එකක් හදලා ඔක්කොම files සහ folders එකට දාන්න. public කියන folder එක ඇතුලේ තියෙන files එලියට දාන්න.

ඊලගට index.php එකේ
require __DIR__.'/core/bootstrap/autoload.php'; සහ
$app = require_once __DIR__.'/core/bootstrap/app.php';  විදියට වෙනස් කරන්න.

දැන් localhost වල project එක run කරාම laravel welcome පිටුවට යාවි.

දැන් Mysql වල අපේ project එකට database එක හදලා laravel වල configuration හදන්න තියෙන්නේ.
එකට මුලින්ම config/database.php ෆයිල් එකේ mysql setting වල තියෙන prefix වලට කැමති නමක් දෙන්න. එතකොට database එකේ හදන හැම table එකකම නමට මුලින් ඒක එනවා. අපේ folder එක ඇතුලේ තව තියෙනවා env file එකක්. එකේ settings පහල තියෙන විදියට හදන්න.

DB_CONNECTION=mysql
DB_HOST=127.0.0.1
DB_PORT=3306
DB_DATABASE=database එකේ නම
DB_USERNAME=root
DB_PASSWORD=password එක

දැන් ඔයාල database එකත් connect කරගෙන ඉවරයි.  දැන් තියෙන්නේ ලොගින් හදාගන්න. එකට ඕන route, migrations, views, controllers ඔක්කොම laravel වල තියෙනවා. අපිට තියෙන්නේ පහලින් තියෙන command එක cmd එකේ run කරන්න විතරයි.

php artisan make:auth
දැන් ඔක්කොම හරි. site එක run කරලා බලන්න. welcome page එකට යාවි. login, registration ඔක්කොම තියෙනවා.

laravel basics ගැන තියෙන tutorials සෙට් එකක් laracasts site එකේ තියෙනවා. මම link එක දාන්නම්. වෙලාව තියේ නම් බලන්න.
https://laracasts.com/series/laravel-5-fundamentals

මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද emil validation කරන්නේ කියලා.

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!






Share/Bookmark

0 comments:

Post a Comment