Sunday, July 3, 2016

ඉලෙක්ට්‍රොනික් සඟරා - 9 (සෙනිත්-විද්‍යා තාක්‍ෂණ ප්‍රකාශන - 21 කලාපය)


කොහොමද යාලුවනේ.... කාලෙකට පස්සේ ඔන්න අද පොස්ට් එකක් ලියන්න වෙලාවක් ලැබුණා. මාස හත අටකින්ම බ්ලොග් එකේ පොස්ටුවක් දාන්න බැරි උණා. අද මම ඉලෙක්ට්‍රොනික් සඟරා තුලින් සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන විසි එක්වන (21) කලාපය ඔයාලට දෙනවා. සෙනිත් මුල් කලාප බාගත්තේ නැතිනම් මෙතැනින් ගන්න.

සෙනිත්-විද්‍යා තාක්‍ෂණ ප්‍රකාශන - 21 කලාපය



සෙනිත් 21 වන කලාපයේ LED හා විවිධ ප්‍රමාණයෙන් යුත් වෝල්ට් 230 AC විදුලියෙන් ක්‍රියා කරන බල්බ යොදා ගනිමින් නිර්මාණය කල හැකි විවිධාකාර ආලෝක රටා පරිපථ ඇතුලත් වී තිබෙනවා. පහතින් තියෙන මාතෘකා යටතේ ඒ විදියට නිර්මාණය කරගන්න පුළුවන් පරිපථ ඇතුලත් වෙලා තියෙනවා.

  • වෝල්ට් 230 එක් බල්බයක් නිවි නිවී දැල්වෙන සේ ක්‍රියා කරන පරිපථය (230 V AC Blinker)
  • බල්බ දැල්වෙමින් ඉදිරියට ගමන් ගන්නා සේ ක්‍රියා කරන පරිපථය (Running Light System)
  • විචල්‍ය කාලසීමාවන් සහිත ටයිමරය (Variable Timer)
  • විවිධ ආලෝක රටා රාශියක් ඇති කරන පරිපථය (Multi Pattern Disco Light Circuit)
  • පැය 4ක් ON වී පැය 20ක් OFF වී පවතින ටයිමරය
  • ප්‍රධාන පරිපථයට සම්බන්ධ කිරීමෙන් රටාවන් 27ක් උත්පාදනය කල හැකි පරිපථය
එහෙනම් ඉතින් පහළ තියෙන link එකෙන් බාගන්නකෝ. 

ඊළඟ ලිපි වලින් සෙනිත් විද්‍යා-තාක්‍ෂණ ප්‍රකාශන විසි හයවන (26) හා තිස් එක්වන (31) කලාප ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. අදට මම යනවා. සුභ දවසක්...!!!

(MediaFire Link, 8 MB)

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!


Share/Bookmark

4 comments: