Tuesday, May 26, 2015

මයික්‍රොකන්ට්‍රෝලර් පාඩම - 02


මම කලින් ලිපියෙන් ඔයාලට AVR ගැන මුලිකකරුණු ටිකක් කියා දුන්නා. අද අපි බලමු  program code එකක් ලියල ඒක මයික්‍රොකන්ට්‍රොලර් එකට program කරගන්න අවශ්‍ය කරන software නිවැරදිව පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා.

මේ සඳහා අපිට WinAVR හා USBASP drivers install කරගන්න වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද WinAVR හා USBASP drivers install කරන්නේ කියලා.

ආ.. තව දෙයක් කියන්න ඕනේ. මේ WinAVR හා USBASP drivers install කරගන්න නම් "Administrator" බලතල තියෙන account එකකින් අනිවාර්යෙන්ම ලොග් වෙලා ඉන්න ඕනේ.

WinAVR Install කර ගැනීම

  •  WinAVR setup එක බාගන්න. (පසුගිය ලිපියේ download ලින්ක් එක ලබා දීල තියෙනවා. නැත්නම් මෙතනින් බාගන්න)
  • "WinAVR-20100110-install.exe" double click කරන්න.
  • language එක ලෙස English තෝරන්න.
  • ඊළගට එන වින්ඩෝව "next" තෝරන්න.
  • ඊලඟ වින්ඩෝව "I Agree" තෝරන්න.
  • ඊලඟට destination path තෝරා  "Next" කරන්න (destination path එක වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් වෙනස් කරන්න).
  • ඊලඟ වින්ඩෝවෙන් "Install" තෝරන්න.
  • Install වී අවසන් වූ පසු "Finish" තෝරන්න.
ඔන්න අපි WinAVR Install කරගත්තා. Windows 7 හා Windows 8 OS දෙකේදීම  WinAVR Install කරගත යුත්තේ ඉහත ආකාරයෙනි.

මීළඟට අපි USBASP drivers install කර ගන්නේ කොහොමද කියලා බලමු.

Windows xp හා Windows 7 වලදී USBASP drivers Install කර ගැනීම
 
  • පළමුව USBasp Driver එක බාගන්න. (පසුගිය ලිපියේ download ලින්ක් එක ලබා දීල තියෙනවා. නැත්නම් මෙතනින් බාගන්න)
  • USBasp programer එක පරිගණකයේ USB port එකට connect කරන්න.
  • ඉන්පසු "Computer" අයිකනය මත right click කර "manage" තෝරන්න.
  • ඉන්පසු ලැබෙන "Computer Management" වින්ඩෝවෙන් "Device Manager" තෝරන්න.
  • රුපයේ ආකාරයට "USBasp" මත right click කර "Update Driver Software" තෝරන්න.
  • ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් පහත ආකාරයට "Browse my computer for driver software"තෝරන්න.
  •  මීලඟට download කරගත් driver එකේ path එක පහත ආකාරයට ලබාදී next කරන්න.
  •  පහත ආකාරයේ message එකක් ලැබුනොත් "Install this driver software anyway" තෝරන්න.
  •  ඉන්පසු පහත ආකාරයට ලැබේවි.
  • ඔන්න අපි usbasp drivers install කරගෙන අවසානයි.  
Windows 8 වලදී USBASP drivers Install කර ගැනීම

පහත තියෙන link වලින් windows8 වලදී usbasp drivers install කරගන්න විදිය පැහැදිලිව කියා දෙනවා.
මේ link වලින් ඕන එකකට ගිහින් එකේ තියෙන steps ටික කරලා drivers install කරගන්න.

USBasp driver installation on WINDOWS8
Installing Usbasp Driver Software in Windows 8.1

හරි, ඔන්න අපි මයික්‍රොකන්ට්‍රොලර් එක program කරගන්න අවශ්‍ය කරන software නිවැරදිව පරිගණකයට install කරගෙන අවසානයි.

install කරගැනීමේ මොනවම හරි ප්‍රශ්ණ ගැටළු තියෙනවා නම් comment එකක් දාලා අහන්න.

එහෙනම් අපි ඊළඟ පොස්ටුවෙන් හමුවෙමු. ඔයාල හැමෝටම සුභ දවසක්...

මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!


Share/Bookmark

0 comments:

Post a Comment