Monday, November 20, 2017

How to fix MATLAB expiration from 11-nov-2017 problem easily

ඔබේ MATLAB සොෆ්ට්වෙයාර් එක 2017 නොවැම්බරයේ සිට expire වෙලාද. මෙන්න එය නැවත සාදාගන්නා ආකාරය.


මම අද කතා කරන්න හදන්නේ MathWorks MATLAB “cracked” versions පාවිච්චි කරන සමහර අයට 2017 නොවැම්බර් 11 න් පස්සේ මුහුණ දෙන්න වෙන ගැටළුවක් ගැන.

දැනටමත් සමහර අය මේ ගැටළුවට මුහුණපාලත් ඇති.

ඒක තමයි cracked licence එක 2017 නොවැම්බර් 11 න් expire වෙන එක.

ඔයාලගේ computer එකේ මෙච්චර දවසක් හොදට වැඩ කරපු MATLAB සොෆ්ට්වෙයාර් එක open කරද්දී පහත තියෙන රුපයේ විදියට Activation window එකක් එනවා නම් ඒ කියන්නේ ඔයාගේ MATLAB licence එකත් expire වෙලා කියන එකයි.


නමුත් මෙහෙම උනා කියල කලබල වෙලා software එක uninstall කරලා අයෙත් install කලත් වැඩක් වෙන්නේ නෑ. මේ ලෙඩේ අයෙත් එනවා.

ඒ නිසා මෙහෙම licence එක expire වෙලා නම් කරන්න තියෙන්නේ බොහොම සරල වැඩක්. Software එක Uninstall කරන්න එපා.

කරන්න තියෙන්නේ මෙච්චරයි.

  1. ඔයාල computer එකේ install කරලා තියෙන MATLAB version එකට අදාල අලුත් licence file එක පහල link වලින් බාගන්න.

  2. MATLAB 2013 licence file
    MATLAB 2015 licence file

    (මෙහි අප ලබා දී ඇත්තේ MATLAB 2013 සහ MATLAB 2015 සදහා වන licence file පමණි. අනෙකුත් version සදහා licence file එක සාදා ගන්නා ආකාරය මෙම පෝස්ටුවේ අවසානයේ දක්වා ඇත. )

  3. ඉන්පසු MATLAB සොෆ්ට්වෙයාර් එක open කරන්න.
  4. එතකොට ඔයාලට ඉහත රුපයේ තියෙන “Matlab Software Activation” වින්ඩෝව පෙන්නයි.
  5. එතන “Activate manually without the Internet” option එක select කරලා “Next” ඔබන්න.
  6. එතකොට පහත තියෙන ආකාරයේ window එකක් ලැබෙයි.
  7. එයින් “Enter the full path to your licence fie, including the file name” කියන option එක seect කරලා “Browse” කියල තියෙන button එක click කරන්න.
  8. එතකොට ලැබෙන window එකෙන් ඔයාල download කර ගත්ත licence file එක select කරලා “Select” button එක ඔබන්න.
  9. ඉන්පසු “Next” click කරන්න.
  10. ඉන්පසු පහත ආකාරයේ වින්ඩෝවක් දිස්වේවි.
  11. සුබ පැතුම්.... දැන් සුපුරුදු විදියට MATLAB open කරලා බලන්න. දැන් MATLAB වැඩ කරාවි.
මෙහිදී ඔබට ගැටළුවක් ඇති වුවහොත් comment එකකින් ඔබේ ගැටළුව අපට කියන්න. අප ඔබට හැකි පමණින් උදව් කරන්නම්.


මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!

                                                      **********************************

MATLAB විවිද version සදහා licence file එක සාදා ගන්නා ආකාරය

මේ සදහා ඔබ සතුව MATLAB install කිරීමේදී බාවිත කල පැරණි licence file එක තිබිය යුතුය. එය ඔබ සතුව නැති නම් අන්තර්ජාලයෙන් search කර අදාල පැරණි licence file එක download කරගන්න.

  1. පළමුව ඔබේ පැරණි licence file එකේ කොපියක් වෙනත් තැනක save කරගන්න.
  2. ඉන්පසු ඔබේ පැරණි licence file එක windows වල ඇති NotePad හෝ WordPad සොෆ්ට්වෙයාර් එක බාවිතයෙන් open කර ගන්න.
  3. එලෙස open කරගත් පසු පහත රුපයේ රවුම් කර ඇති ආකාරයේ “11-nov-2017” දිනය බොහෝ තැන් වල සටහන් වී ඇති බව පෙනේවි.
  4. ඔබ කරන්න ඕනේ එලෙස සටහන් වී ඇති සියලුම 2017 වෙනුවට 2020 හෝ 2022 ලෙස කැමති අවුරුද්දක් type කිරීමයි.
  5. මේ සදහා ඔබට යතුරු පුවරුවේ “ctrl + F” එකවර ඔබා ලැබෙන “Find” වින්ඩෝවේ “2017” ලෙස type කර “Find Next” ඔබමින් එවිට පෙන්වන සියලුම 2017 වෙනුවට 2020 හෝ 2022 යොදන්න.
  6. ඉන් පසු “save” කරගන්න.
  7. මෙලෙස සකසා ගත් licence file එක බාවිතා කර ඔබේ MATLAB සොෆ්ට්වෙයාර් එක Activate කරගන්න.
මේ ලිපිය ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ ලිපිය Share කරලා යාළුවන්ටත් කියන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා..!!


Share/Bookmark

0 comments:

Post a Comment